ජේසුස්වහන්සේගේ සැබෑ කථාව
ජේසුස්වහන්සේගේ සැබෑ ජීවිත කථාව නරඹන්න.
වෙබ් පිටුව නරඹන්න.
මිනිසුන් යාච්ඤා කරති.
ඔබ ගැලවීමේ යාච්ඤාව යාච්ඤා කළේ නම් ඔබ දැන් දෙවියන්වහන්සේගේ දරුවෙකි.
“කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්රකාශකරන්නෙහි නම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවනු ලැබූ බව සිතින් අදහන්නෙහි නම් නුඹ ගලවනු ලබන්නේය.”
- රෝම 10:9
ඔබගේ ගැලවීම උදෙසා ඔබට දැන් අප සමඟ යාච්ඤා කළ හැකිය.
දයාවන්ත දෙවියන්වහන්ස,
ජේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව මම ප්‍රකාශ කරමි. උන්වහන්සේ කන්යාවියකගෙන් උපත ලද බවත්, මගේ පව් උදෙසා කුරුසිය මත මිය ගිය බවත්, තුන්වෙනි දින මළවුන්ගෙන් නැගිටුණ බවත් මම විශ්වාස කරමි. මම ඔබවහන්සේට විරුද්ධව පව් කර ඇති බව අද දවසේ මම ප්‍රකාශ කරන අතර මාව ගළවා ගැනීම සඳහා මා හට කළ හැකි කිසිවක් නොමැති බව මම දනිමි. මා හට සමාව දෙන මෙන් ඔබවහන්සේගෙන් අයැද සිටින අතර මගේ විශ්වාසය යේසුස්වහන්සේ කෙරෙහි පමණක් තබමි. දැන් පටන් මම ඔබවහන්සේගේ දරුවෙක් බවත් ඔබවහන්සේ සමඟ සදාකාලිකවම සිටිය හැකි බවත් මම විශ්වාස කරමි. සෑම දිනකම ඔබවහන්සේගේ ශුද්ධාත්මයාණන් තුළින් මට මග පෙන්වුව මැනව. මගේ මුළු හදවතින්, ආත්මයෙන් සහ බුද්ධියෙන් ඔබවහන්සේට ප්‍රේම කරන්නටද මට මෙන්ම අන් අයට ප්‍රේම කරන්නටද මට උපකාර කළ මැනව. ඔබවහන්සේගේ පුත්‍රයාණන් වූ ජේසුස්වහන්සේගේ රුධිරය කරණකොටගෙන මාව ගැළෙවූ නිසා ඔබවහන්සේට ස්තුතියි. ජේසුස්වහන්සේගේ නාමයෙන් මම යාච්ඤා කරමි. ආමෙන්
අයිබයිබල් යෙදුම ඔස්සේ බයිබලය බලන්න!
ග්ලෝබල් ඉම්පැක්ට් (විශ්වීය බලපෑම)
ගැලවීමේ පිටු නරඹන්න
මනුෂ්‍යයන් යාච්ඤා කරති




